කෝටි 40ක මත්කුඩු සමග ජාවාරම් කරුවෙක් අත්අඩංගුවට…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුතුබව කියන හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙක් අද (30) අලුයම කලුතර දිසා අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

බන්ඩාරගම රේනුකාන ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මත්කුඩු තොගය කිලෝ ග්‍රෑම් 40ක් පමණවන බව ද පොලිසිය කියයි.

මෙම මත්කුඩු තොගය ඩුබායි රටේ සැඟව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට අයිති බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාර දී ඇති බවද පොලිසිය කියයි.

Exit mobile version