කෝටි 20000ක ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිල්ලි ගිහින්!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වකවානුව තුළ තෙල් බැරලයක මිල ඩොලර් 40කට ආසන්න මිලක පවතිත්දී එම සහනය ලබා දෙනු වෙනුවට තෙල් මිල ස්ථායී කර පවත්වා ගැනීම සඳහා රජය විසින් එකතුකළ බව කියන රුපියල් කෝටි විසි දහසක අරමුදල ආ ගිය අතක් නැති බව වාර්තා වේ.

මේ සම්බන්ධව ප්‍රශ්න කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක දී විමසා සිටියේ මහ බැංකු වාර්තාවේම සඳහන් කර තිබෙන “වෙළඳපොළේ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන ඛනිජ තෙල් මිල ගණන්වලින් ප්‍රතිලාභ ලබමින් මාස 06ක් තුළ බිලියන 200ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනු ලැබේ” ලෙස දැක්වූ මෙම අරමුදලට දැන් සිදු වී ඇත්තේ කුමක් දැයි රටට හෙළි කළ යුතු බවය .

කොවිඩ් වසංගතයෙන් අන්ත පීඩාවට පත් වී සිටින මේ රටේ මිනිසුන්ගේ ජීවිත තවත් අර්බුදයකට ඇද දමමින් ජීවන වියදමේ සමස්ථය ඉහළ දැමූ තෙල් මිල වැඩිවීම පාලනය කරගැනීමට ඉහත අරමුදලට නොහැකි වූයේ මන්දැයි රටක් ලෙස විමසිය යුතු බව ඔහු පැවසුවේය.

“ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව පියවා ගැනීම සඳහා තෙල් මිල වැඩි කළ බව පැවසුවත් 2020 මහ බැංකු වාර්තාවේම සඳහන් කර තිබෙන්නේ මෙහෙමයි. “

“ගෝලීය තෙල් මිල සාපේක්‍ෂ වශයෙන් පහළ මට්ටමක පැවතියද ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනවල දේශීය මිල මට්ටම නොවෙනස්ව පවත්වාගෙන යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය 2020 වසරේදී වර්ධනය වී ඇත. විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ රු. බිලයන 19.1ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේදී 2020 වසරේ බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා වී තිබේ”

“මේ තෙල් වැඩි කිරීමට ඇත්ත හේතුව හෝ ආණ්ඩුව ජනතාවට ප්‍රකාශ කර නැහැ…“ සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

Exit mobile version