කෝටි 143ක මුදල් වංචා චෝදනා… බ්‍රයන් තෝමස් රිමාන්ඩ්….

ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්  රුපියල් කෝටි 143ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර නෙළුම්දෙණිය  ඊයේ (11) නියෝග කළේය

ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක ආයෝනය කිරීමට අතරමැදියෙකු ලෙස ඉදිරිපත් වූ  දිනේෂ් ෂාෆ්ටර් නැමැති ව්‍යාපාරිකයෙකුගෙන් මෙම මුදල වංචා කළ බව එම ව්‍යාපාරිකයා විසින්  2019 මාර්තු මස 20 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයක් අධිකරණ හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය කළේය.

ඊයේ ( 11) මෙම නඩුව අධිකරණයේ විභාගවන අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක වීරසූරිය පැවසුවේ කෝටි සීයකට අධික මුදලක් සැකකරු විසින් පැමිණිලිකාර ව්‍යාපාරිකයාට වංචා කර ඇති බවය.


දිනේෂ් ෂාෆ්ටර් නැමැති පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ආයතනය යම් යම් ව්‍යාපෘතීන්හි ආයෝජනයන කිරීම  සිදුකරන බවත්, සැකකරු ප්‍රසිද්ධ රෙදි පිළි ආයතනයක  නිමි ඇඳුම් ගෙන්වන අතරමැදියෙක් සේ කටයුතු කරන බව පෙන්වා පැමිණිලිකාර ව්‍යාපාරිකයාව  මෙම වංචාවට හසුකර ඇති බවත් අධිකරණයේ දී ප්‍රකාශයට පත් විය.

එහිදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට පැවසුවේ  මෙම සැකකරු 1996 දී  ද ක්‍රීඩකයන් පිරිසකගෙන් මුදල් වංචා කර ඇති බවත්, කූට ලේඛන පෙන්වා පුද්ගලයන් 15ක් පමණ තවත් අවස්ථාවලදී වංචාවට හසුකර ඇති බවත්, මොහුට හැඳනුම්පත් දෙකක් ඇති බවත්, සැකකරුට වෙනත් අධිකරණයක ද නඩුවක් පවතින බවත්ය.

මේ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ සැකකරු පිළිබඳ විමර්ශන පවත්වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

සැකකරුගේ නීතිඥවරයා ඊට එරෙහිව කරුණු දක්වමින් මෙතෙක් සැකකරු විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත් ඔහුගේ වයස සෞඛ්‍යය තත්වය හා කොවිඩ් වසංගත තත්වය ගැන සලකා බලා සුදුසු ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා මහ්ස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

 

Exit mobile version