-
ඉපදුනේ නුවර… ස්වීඩ්න් ජාතික යුවලක් දරු කමට හදාගන්න අරන් ගිහින්…
-
ඇය දැන් ලෝකය දිනා ගත් තුරග තරගකාරියක්….
ටෝකියා ඔලිම්පික් තරගාවලියේ ශ්රී ලංකාව නියෝජනය කරන අවසන් තරගකාරිය ලෙස මැටිල්ඩා කාල්සන් අද සිය ඉසව්වෙන් තරගයට ඉදිරිපත් වන්නීය.
ඒ අසුන මෙහෙයවීමේ තරගය ය. එම තරගය අද මෙරට වෙලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
ඔලිම්පික් තරග බිමෙන් ලැබෙන වාර්තා අනුව අද මෙම තරගය සඳහා තරගකරුවන් හා තරගකාරිණියන් 70 දෙනෙක් සහභාගී වන්නේය.
මෙවැනි තුරග තරග ඉසව්වක් සඳහා ඔලිම්පික් තරයක් නියෝජනය කරන පළමු ශ්රී ලාංකික ක්රීඩිකාව මැටිල්ඩා කාල්සන්ය.
රුපියල් කොටි 140ක් විටිනා චොජින් නැමැති සිය අශ්වයා සග අද තරගයට එන මැටිල්ඩා කාල්සන් උපතින් ශ්රී ලාංකික කාන්තාවකි. ඇයගේ උපන් ගම මහනුවරය.
අනතුරුව ඇය ස්වීඩ්න් ජාතික යුවලකගේ දියණිය වූවාය. ඔවුන් ඇසුරේ හැදී වැඩුණු මැටිල්ඩා කුඩා කල සිටම අසුන් පිට යෑමට දැඩි ආශාවක් දක්වා තිබුණාය. අනතුරුව ඇය ක්රමයෙන් වෘත්තීය තුරග තරග ක්රීඩිකාවක් ලෙස ලොව ප්රකට තුරග තරග රැසකට සහභාගී වී ඇත.
මේ අතර මෙවර ඔලිම්පික් තරගාවලියට ඉදිරිපත් වීමට ඇය වර්ෂ 2018 දී ලංකාවටට පැමිණ මෙරට පුරවැසි භාවය ලබා ගත්තාය.
ඒ ඇයගේ උපත ලංකාවේ වුවද ස්වීඩන් පුරවැසියෙක් වීම නිසාය. දැන් ද්විත්ව පුරවැසිභාවය සහිත මැටිල්ඩා ශ්රී ලාංකික ක්රීඩිකාවකි.