කෝටි 09ක රත්තරන් සමග ශ්‍රී ලාංකිකයන් 04ක් ඉන්දියානු වෙරළාරක්ෂකයන්ගේ අත් අඩංගුවට…

ප්‍රවාහනය කර ඇත්තේ ඉන්දීය ධීවර බෝට්ටුවකින්...

දිනසේන රතුගමගේ –

මන්නාරමේ උතුරු මුහුද හරහා ඉන්දියාවට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් රැගෙන යමින් තිබූ රත්‍රන් කිලෝ ග්‍රෑම් 9 ක් සමග   සැකකරුවන් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අද (11) ද අළුයම ඉන්දියාවේ තූත්තුකුඩි මුහුදු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරුවන් පස් දෙනාගෙන් හතර දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් තැනැත්තා ඉන්දීය ජාතිකයෙකි බව හෙළි වී තිබේ.

නීති විරෝධී රත්තරන් ප්‍රවාහනය කළ බෝට්ටුව ඉන්දීය ධීවරයින්ට අයත් බෝට්ටුවක් බවටද තොරතුරු වාර්තා වී තිබේ.


ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත ඔවුන් මෙම බෝට්ටුව පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිට එම බෝට්ටුව ඉන්දියාවේ තූත්තුකුඩි පුලයාව්තුරෙයි මුහුදු ප්‍රදේශයට පැමිණීමත් සමගම අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම රත්‍තරන් තොගයේ වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි දහයක වඩා වැඩි බවට ගණන් බලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නීති විරෝධී රත්තරන් තොගයේ අයිතිය ඉන්දීය ජාතිකයින්ටද එසේ නොමැතිනම් ශ්‍රී ලාංකිකයින්ටද යන්න මෙතෙක් පැහැදිලිව හෙළි වී නොමැති බව ඉන්දීය මාධ්‍ය  ප්‍රකාශ කරයි.

Exit mobile version