කෝටි ගණන් රත්තරන් වංචා කළ කාන්තාව ගැන අධිකරණ නියෝග සීඅයිඩීයෙන් නොසලකා හැරලා…

රත්තරන් විකිණීමට පොරොන්දු වී ව්‍යාපාරිකයින්ට රුපියල් කෝටි 13කට අධික මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද  විමර්ශනවල පවතින අතාර්කික මන්දගාමී ස්වරූපිය පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු වී  තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ මෙම නඩුව විභාගය ආරම්භයේදී අගතියට පත් පැමිණිලි පාර්ශ්වයේ නීතිඥ එම්.එම්. සුහයිර්  මහේස්ත‍්‍රාත්වරයාට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ   මේ අපරාධය සම්බන්ධව  කරුණු තුනක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණය වර්ෂ 2019 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවය.

කෙසේ  නමුත් අද වනතුරු  මේ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් නිසි පරීක්‍ෂණයක්‌ සිදු කර නොමැති බව ද නීතිඥවරයා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා 2022 අප්‍රේල් 4 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

Exit mobile version