කොළඹ විශ්විද්‍යාලය නිලධාරීන් කණ්ඩායමකට කෝටි ගණන් වැඩිපුර වියදම් කර ආපදා ණය ගෙවලා…

ලලිත් චාමින්ද –

කොළඹ විශ්වවිද්‍යාලිය පරිගණක අධ්‍යයන ආයතනයේ නිලධාරි  44 දෙනෙකු සදහා   ආපදා ණය ගෙවිය හැකි උපරිම  සිමාව  ඉක්මවා  රුපියල් 11,364,433 ක මුදලක්    වැඩිපුරගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.

ආපදාණය ගෙවියහැකි උපරිම සිමාව වු  රුපියල් 2.50000ක ඉක්මවා මුලික වැටුප මෙන් දස ගුණයක මුදලක්  මෙම නිලධාරින්ට ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2009 පෙබරවාරි මස 05 දිනැති  අංක 2009 /2 දරණ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා චක්‍රලේඛය  අනුව  කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.


මේ සම්බන්දව  විශ්වවිද්‍යාලිය කළමණාකාරිත්වය විගණනයට ප්‍රකාශ ‍කොට ඇත්තේ  ආයතනයේ 195 වැනි කළමණාකරණ මණ්ඩල රැස්විමේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා චක්‍රලේඛන 17/2016 න්  කාර්යමණ්ඩල මුලික වැටුප් ඉහළයාම නිසා  මුලික වැටුප මෙන්  දස ගුණයක මුදලක්  ආපදාණය වශයෙන් ලබාදිමට තිරණය කළ බවය. 

මේ සදහා අවශ්‍ය සම්පුරණ ප්‍රතිපාදන  ආයතනයේ ඉපයු ආදායමෙන්  ලබාගැනිමටත් තින්දු කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ විශ්වවිද්‍යාලිය පරිගණක අධ්‍යයන ආයතනයේ 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මුල්‍ය කාර්යසාධන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත්කොට තිබුණි.

Exit mobile version