කොළඹ මැයි දින රැළිවල ආරක්ෂාවට පොලිසියේ 3500ක්…

ප්‍රධාන මැයි දින රැළි පැවැත්වෙන කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සහ රථවාහන මෙහෙයුම් සඳහා 3500 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මැයි දිනයේදී පැවැත්වෙන දේශපාලන රැස්වීම් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන විධිවිධාන යොදා ඇති බව ද ඔහු කියයි.

මැයි 01 වැනිදා කොළඹ, නුගේගොඩ, මහනුවර, හැටන් සහ නුවරඑළිය යන ප්‍රදේශවල විශේෂ මැයි දින රැලි සහ පෙළපාළි පැවැත්වීමට නියමිතව තිබේ. මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේ.

“පොලීසිය සමග දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධායකයින් මැයි දින රැලි පැවැත්වීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කළා.”


“ඒ අනුව මාර්ගයක එක් මංතීරුවක් අනෙක් මංතීරුවල ගමන් කරන වාහනවලට බාධාවක් නොවන අයුරින් භාවිත කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.”  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය..

කොළඹ මැයි දින රැළි බොරැල්ල කැම්බල් පිටියේත්,  සුගතදාස ක්‍රීඩාංගනයේත්,  බීආර්සී ක්‍රීඩාගනයේත්, පී.ඩී.  සිරිසේන ක්‍රීඩාංගනයේත්,     නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීත් පැවැත්වීමට නියමිතව තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව   පැවසුවේ, මැයි දින රැලිවලට සහභාගිවන වාහන සඳහා අදාළ ප්‍රදේශවල වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති අතර එම ස්ථාන භාවිත කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බවය.

මහජනතාවට අපහසුතාවයක් ඇති කරමින් පදික වේදිකාවල සහ මුදල් ගෙවා   වාහන නවත්වන රථගාල්වල වාහන නවත්වන  රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස  පොලිසියට නියෝග කර ඇති බව ද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව මැයි දින රැළි පවත්වන    ආරක්ෂාව සහ රථවාහන මෙහෙයුම් සඳහා විශේෂ වැඩපිළිවෙළක්  සකස් කරන ලෙස පොලිස්පතිවරයා අදාළ ප්‍රදේශවල උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Exit mobile version