කොළඹ නගරය තුළ සැක කටයුතු පුද්ගලයන් 2746ක්

කොළඹ නගරය තුළ සැකකටයුතු ලෙස තාවකාලික පදිංචි වූ පුද්ගලයන් 2746 දෙනෙකු පමණ සිටින බවට විශේෂ මෙහෙයුම් මගින් අනාවරණය වී ඇත බවත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

කොළඹ නගරය තුළ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රජයේ හෝ පෞද්ගලික පරිශ්‍ර, ඉදිකිරීම් ස්ථාන ආදියෙහි පදිංචිව සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස්කිරීම සඳහා බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාශය ජනවාරි මස 14,15 සහ 16 යන තෙදින මෙහෙයුමක් දියත් කර තිබුණි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ කොළඹ අපරාධ සහ මත්ද්‍රව්‍ය වෙළඳාම පිටුදැකීමේ අරමුණින් මෙම මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර එහිදී මෙම අනන්‍යතා රහිත 2746ක් පඹණ පුදගලයන් හමුව ඇත.


ප්‍රජා පොලිස් නිලධාරීන් 600කට අධික පිරිසක් යොදවා සිදු කෙරණු මෙම මෙහෙයුම අතරතුර ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් කර අදාළ පොලිස් නිලධාරීන්ට හෝ අදාළ පොලිස් ස්ථානයට භාර දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පැවසුවේ, මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාතෙන් බැහැරව දැනට කොළඹ නගරයේ පදිංචිව සිටින තාවකාලික පදිංචිකරුවන් 106,126 දෙනෙකුගේ තොරතුරු නිලධාරීන් විසින් රැස්කරගෙන ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් අතරින් පිරිමින් 1,852 ක් සහ කාන්තාවන් 894 ක් නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වී ඇති බව ඔහු පැවසීය.

Exit mobile version