කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු 500කට මාරුවීම් – ඒකක කිහිපයක් ඇණහිටී

කොළඹ ජාතික රෝහල තුළ අලුතින් ස්ථාපිත කල විකලාංග , වකුගඩු, ස්නායු, මානසික , බඩවැල් හා අමාශගත ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක කිරිමට නොහැකි වීම හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

‌වසර දහයක් පුරා ක්‍රියාත්මක නොවී පැවති වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මේ දිනවල ක්‍රියාත්මක වන බැවින් වෛද්‍යවරුන් 500ට අදික සංඛ්‍යාවක් රෝහලෙන් පිටව යාමට නියමිත බැවින් මෙම ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාමාරු වීම් වසර 4කට වරක් සිදු විය යුතු වන අතර එහිදී ස්ථානමාරු වීම් සිදුවනුයේ 100 – 120ත් අතර සංඛ්‍යාවක් යැයිද සදහන්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මෙසේ පුරප්පාඩුවන වෛද්‍ය තනතුරු නැවත පිරවීමට හැකිවන්නේ ලබන වසරේ ජනවාරි පමණ වන විට යැයිද ඔහු අවදාරණය කළේය.

Exit mobile version