කොළඹ කුලපති ආනන්ද හාමුදුරුවන් මාධ්‍ය හමුවක් තබා  හෙළි කළ  “අගමැති එළවීමේ කුමන්ත්‍රණය!“

Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

අගමැති මහින්ද රාජපක්ෂ තනතුරින් ඉවත් කිරීම සඳහා දියත්වන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කොළඹ විශ්විද්‍යාලයේ කුලපති හිමියන් අද මාධ්‍යහමුවක් කැඳවා රටට කීවේය.

කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්  රට රකින ජන හඬ සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවක් අභයාරාමයට  කැඳවා  කීවේ අගමැති තුමාට අස්වෙන්නට තුන් හිතකවත් අදහසක් නැති බවත් එසේ අදහසක්  පහළ වී තිබෙනවා නම් එය තමන්ට කියන බවත්ය.

සමහරවිට මේ උත්සාහ කරන්නේ කුමන්ත්‍රණකාරීව අගමැතිතුමා එම තනතුරින් පහ කිරීම සදහා විය හැකියැයි ද කුලපති ආනන්ද හිමියන් පැවසීය.


හාමුදුරුවන් මෙසේ ද පැවසීය.

“ පොඩි ආරංචියක් යනවා හැම තැනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වෙන්න හදනවා, එතුමා යනවා කියලා. ඒක  මහා ආන්දෝලනයක් වෙලා.“

එහෙම දෙයක් අපි දන්නේත් නෑ.  එහෙම අදහසක් තියනවා නම් එතුමා අපිට කියලා යන්නේ.  මහින්ද රාජපක්ෂ එලවන්න කරන කුමන්ත්‍රණයක් ද දන්නෙ නෑ මේක. එහෙම වෙන්න දෙන්න බෑ.  ජනතාවගේ හදවතේ  තියන ප්‍රතිරූපයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. “

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැරදුනේ එතුමා වටේ ඉන්න කේවට්ටයො නිසා. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවේගෙන යන බව පේනවා.

අයියා මල්ලිලට එකතු වෙලා රට කරගන්න දෙන්නෙ නැති පිරිසක් ඉන්නවා. ඒ අය එහෙට මෙහෙට කරන්න ඕන. මහින්ද මහත්තය මේකෙ ඉන්න ඕන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මා කියන්නෙ පක්ෂ දේශපාලනය ඉවත් කළ යුතුයි. මේ රට හදන්න පුලුවන් එතකොට. සිංගප්පූරුව හැදුවෙ එහෙම.

 

Exit mobile version