පසුගිය 03දා ගල්කිස්සේ කිමිදුම්කරුවෙක් කිඹුල් ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වීමත්, පසුගිය 09 වැනිදා තවත් කිඹුලෙක් ගාළුමුවදොර වෙරළේ දර්ශනය වීමත් සමග වනජීවී නිලධාරීන් කරදිය කිඹුලන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ගාලුමුවදොර මුහුදු ප්‍රදේශයේ එක් කොටසක වනජීවී නිලධාරීන් විසින් කිඹුල් උගුල් දෙකක් තබා ඇති අතර එම ප්‍රදේශය කිඹුලන් මුහුදට ප්‍රවේශ වීමේ ස්ථානයක් බවට සැක කෙරේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ අසංක ගුණවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනේ බේරේ වැවේ ජල විවරය ආසන්නයේ මෙම කිඹුලන් ස්ථානගත වී සිටින බවය.
ඊයේ රාත්‍රියේ කිඹුලෙක් මුහුදේ සිට බේරේ වැවේ දිය කට හරහා වැවට ගමන් කරන ආකාරය වනජීවී නිලධාරීන් නිරීක්ෂණය කළ බව ඔහු පැවසීය.
ගුණවර්ධන කියා සිටියේ කිඹුලන් ආකර්ෂණය කර ගැනීම සඳහා මස් කැබැල්ලක් සමඟ නව උගුලක් අටවා ඇති බවත්, එම ජල විවරයේ ස්ථාන දෙකක එම උගුල් ස්ථාපිත කර ඇති බවත්ය.