කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 හැවිරිදි සිසුවෙක් කොවිඩ් වෛරසයට බිලි වෙයි..

Priyadharshana

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරසයට ගොදුරු වූ ඉසිපත විද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යයෙක් අද 16) අළුයම කළුබෝවිල රෝහලේ දී මිය ගියේය.

මියගොස් ඇත්තේ සමිත දිල්තුෂාන් නැමැති දරුවෙකි.

පෙරේදා ( 15 ) හුස්ම ගැනීමේ අහපහසු තත්වයක් මත රෝහල්ගත කළ ඔහු කොවිඩ් ආසාදිත බව රෝහලේ දී තහවුරු වී ඇත.

පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දරුවා බේරා ගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගෙන තිබුණත් අවසානයේ දී සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වී තිබේ.

සමිත විද්‍යාලයීය ඡායා රූප සංගමයේ සභාපතිවරයා ලෙසත්, ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ කර්තෘවරයා ලෙසත්, ලියෝ සමාජයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කළ විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි.

සමිත ගේ පියා විද්‍යාලයී නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන ප්‍රියදර්ශන ඉඹුල්ගොඩය.

Exit mobile version