කොළඹින් පිට කොවිඩ් පොකුරු හැදෙන්න අරන්…තත්වය භයානකයි…

නතාෂා නෙත්මිණි –                                                          

රැපිඩ් ඇන්ටිජන්ට් පරික්ෂණ සහ පීසිආර් පරික්ෂණ වාර්තාවන් වෙන වෙනම ලබාදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී සිටියි.

විශාල වෛරස් ප්‍රමාණයක් ශරීරය තුල පවතින පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් මගින් හඳුනාගත හැකි අතර ඔවුන්ට තවත් සැලකිය යුතු සංඛ්‍යාවකට වෛරසය ආසාදනය කිරීමේ  හැකියාව පවතින බැවින් එම පුද්ගල කණ්ඩායම් වෙන් වශයෙන් හඳුනාගෙන අවශ්‍ය කටයුතු කිරීම මගින් රෝගය තවදුරටත් පැතිර යාම පාලනය කර ගත හැකි බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය‍.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට කොළඹ නගරයෙන් පිට ප්‍රදේශයන් හී රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වීම ආරම්භ වී ඇති බැවින් එය ඉතා භයානක තත්ත්වයක් යැයිද වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.


 

Exit mobile version