කොස්ගොඩ ප්‍රදේශයේ අද අළුයම සිදුකළ වැටලීමකදී අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 18ක් සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
බස් රථයේ පදවා ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකි.
ගාල්ල සිට කොළඹ බලා එන ගමනේ විවිධ ස්ථානවල එම බසය නවත්වා අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉන්දියාවේ දී පසුගියදා මියගිය අංගොඩ ලොක්කා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයකු වන ලැටී නමැත්තකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මැද පෙරදිග කලාපයේ සිට සහ මෙරටට එන මත්ද්‍රව්‍ය ජාවාරම් මාර්ග නිරන්තරයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව වැටලීම හේතුවෙන් හෙරොයින් ආදි මත්කුඩු ජාවාරම පහතවැටී අයිස් වැනි කෘතිම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.