කොවිඩ් ළදරුවන්ට ප්‍රතිකාර කරන්න රිජ්වේ ආර්යා රෝහල් බලධාරීන් ගොඩනැගිලි සොයයි….

මේ වනවිට දිනපතා රෝහලේ ධාරිතාව ඉක්මවා යන ප්‍රමාණයකට කොවිඩ් ආසාදිත දරුවන් වාර්තාවන බවත් දෛනිකව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර කළ හැක්කේ රෝගීන් 70ක් සඳහා පමණක් බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පැවසුවේය.

එබැවින් රෝගී දරුවන් ස්ථාන මාරුකර වෙනත් රෝහල් වෙත යොමු කරන බවත්, ඊට අමතරව රිජ්වේ ආර්යා රෝහල විසින් බොරැල්ල රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කොවිඩ් දරුවන් වෙනුවෙන් ලබා ගත් බවත් අධ්‍යක්ෂවරයා කීවේය.

“ මේ යන තත්වය විදිහට අනිවාර්යයෙන් ඒ ගොඩනැගිල්ලෙත් ඉඩ මදි වේවි. එහෙම වුනොත් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් තවත් ස්ථානයක් සොයාගෙන තියනවා රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීමටට.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් රෝගී දරුවන් 600ක් සොයාගෙන තියනවා. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 06ම කොවිඩ් දරුවන් ප්‍රතිකාර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

Exit mobile version