කොවිඩ් හොඳයි… නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගෙදර යයි

ගෙදර යන ගමන්...

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් ආසාදිතව  කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සුවය ලබා නිවෙස බලා පිටත්ව ගියේය.

“මට දැන් සනීපයි. නිවෙස් බලා යන ගමන්…“ ඔහු කියා තිබිණි.

තමන් කොවිඩ් ආසාදිතව රෝහල්ගත වූ මොහොතේ සිට සුවය පතා ආශීර්වාද කළ සැමට ස්තුතිවන්තවන බව ද ඔහු පවසයි.


වට්ස්ඇප් ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් තමන්ට අසාධ්‍ය බව කියා ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ අයට අනුකම්පා කරන බවද ඔහු කියයි.

මෙම රෝගය වැළඳුණු  බව දැනගත් පළමු දවසේ දීම  ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් තමන් එම ක්‍රියා පිළිවෙත අනුගමනය කළ නිසා නැවත සුවයෙන් නිවසට යන බවත් ඔහු පවසා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවසේ දින 14ක කාලයක් නිරෝධායනයෙන් අනතුරුව නැවත රාජකාරි කටයුතු ආරම්භ කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.

Exit mobile version