කොවිඩ් සුව වී නිවසට පැමිණි පුද්ගලයෙක් නිරෝධායනය වෙමින් සිටිය දී මරුට…

ලලිත් චාමින්ද –

කොවිඩ් වෛරසය ආසාදනය විමෙන් පසු සුව වි නිවසේ  තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි 76 හැවිරිදි පුද්ගලයකු  අද (19) මියගොස්  ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

මෙකි පුද්ගලයා  ගාල්ල දෙද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු නිදන්ගත රෝග කිහිපයකින් පෙලි ඇති අ අයෙකි.  මෙම මස 06වැනි දින මෙකි පුද්ගලයාට කොරෝනා ආසාදනය විමෙන් පසු කරන්දෙණිය කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිට ඇත

මෙකි පුද්ගලයාගේ නිරෝධායන කාලය අවසන්වි රෝගිය සුව විමෙන් පසු  ඉකුත් 17වැනිදින නිවසට පැමිණ ඇත. නිවසේ තවදුරටත්  නිරෝධායනය වෙමින් සිටියදි මොහු අද (19) මියගොස් ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පැවසිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙකි පුද්ගලයාගේ මෘතදේහය පි සි.ආර් පරික්ෂණයකට ලක් කිරිමට නියමිතව ඇති බවද ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කළේය.

 

Exit mobile version