කොවිඩ් සමග නිකුත් කළ සියලුම චක්‍රලේඛ අවලංගුයි… සියලුම රාජ්‍ය සේවකයන් සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරියට…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන සඳුදා (02) සිට සියලු රාජ්‍ය සේවකයන් කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිට දන්වා ඇත්තේ කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ය.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර ඇති බවත්, රාජ්‍ය සේවකයන් බහුතරයක් ද ඒ අනුව එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇති බවත් ජනාධිපති ලේකම්වරයා දන්වා තිබේ.

Exit mobile version