කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුද්දයි මාස 8ක දරුවෙකු ඊයේ (17) මියගොස් ඇත.
මියගිය දරුවාගේ මව නිවසේ නිරෝදායනයට ලක්ව ඇති අයෙක් වන අතර පියා නිරෝදායනට ලක් කල තැනැත්තෙකි.
හුස්මගැනීමේ අපහසුතාව මත දරුවා පසුගිය 10 වෙනිදා රෝහල වෙත ඇතුලත් කර ඇත.
ඒ අවස්ථාවේදීම කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී දරුවාද කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
මොවුන් කොළොන්නාව ප්රදේශයේ පදිංචිකරුවන් ය.
දේහය අද කොළොන්නාව පොදු සුසාන භූමියේදී නිරෝදායන නීතිරීතිවලට අනුව ආදාහනය කිරීමට කටයුතු යොදා තිබේ.