දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමත් සමගම ඔහු පළාතෙන් පළායාම නිසා ආරක්ෂක අංශ සෞඛ්‍ය බලධාරීන් ඔහුව සොයා 28 දා විශාල මෙහෙයුමක් දියත් කොට තිබුණි.
ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ පළාතේ ස්ථාන කීපයකට මුර කපොළු යොදා පරීක්ෂා කළ අවස්ථාවේදී පාළු වෙළඳ සලක් තුළ සැඟව සිටියදී ආසාදිතයා සොයා ගැනීමට හැකි වී තිබේ.
ඔහුව ප්‍රදේශයේ කොරෝනා මර්දන රෝහලක් වෙත යොමු කොට තිබේ.