කොවිඩ් වරද්දන නවලෝකයට සෞඛ්‍ය ලොක්කන්ගේ විශේෂ ආදරයක්…සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

විශේෂ ආදරයක් නෑ... කොවිඩ් නෙගටිව් අයෙක් විදේශ ගත වී සති දෙකකින් පොසිටිව් විය හැකියි... සෞඛ්‍ය අංශ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොසිටිව් වන පීසීආර් පරීක්ෂණ වාර්තාවන් නෙගටිව්ලෙස ලබාදෙන බවට චීන තානාපති කාර්යාලය පවා නවලෝක පෞද්ගලික රෝහලට චෝදනාවන් එල්ල කර තිබිය දී මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා රසායනාගාර අධ්‍යක්ෂවරයා සලකා නොබලන්නේ ඇයිද යන්න ගැටලුවක් යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

විදේශීකයන්ගේ පීසීආර් පරික්ෂණ වාර්තාවන්ගෙන් සියයට 90ක් පමණ නිකුත් කරනුයේ අදාල පෞද්ගලික රෝහලෙන් බැවින් මේ පිලිබඳව වහාම විමසා බැලිය යුතු යැයි ඔහු කියයි.

මෙවැනි වැරදි වාර්තාවන් හේතුවෙන් ලංකාවට නව කොවිඩ් ප්‍රභේදයන් ඇතුළු වීමේ බරපතල අවදානමක් බවතින බවද ඔහු පෙන්වාදෙයි.

රසායනාගාරයක යන්ත්‍රයකින් දිනකට නිකුත් කළ හැකි වාර්තාවන් ප්‍රමාණය හා ඒ සඳහා ගතවන කාලය ගැන සලකා බැලීමේදී පී.සී.ආර් යන්ත්‍ර මගින් දිනකට පී.සී.ආර් වාර්තාවන් දෙගුණයකට වඩා වැඩි සංඛ්‍යවක් කෙරෙන්නේ නම් ඒ පිලිබඳව සොයා බලා අදා ල වර්තාවන් කිතුත් කිරීම රසායනාගාර අධ්‍යක්ෂවරයාගේ කාර්ය වනු ඇති බවද ඔහු සඳහන් කරයි.
.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර සඳහන් කළේ දැනට පීසීආර් පරික්ෂණයන් සියල්ල සිදුකරනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත කර තිබෙන රසායනාගාරයන් ගෙන් පමණක් බවත් එම රසායනාගාරයන් මගින් නිකුත් කරන පීසීආර් වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥවරුන්ගේ අධීක්ෂණයට ලක්වෙන බවත්ය.

සාමාන්‍යයෙන් මෙරට තුළදී කොවිඩ් නෙගටිව් වන පුද්ගලයෙකු විදේශ ගත වී සති දෙකක පමණ ගිය විට පොසිටිව්වන අවස්ථාවන් තිබෙන බවත් විදේශ රටවල්වලදී නෙගටිව්වන වාර්තාවන් හිමි පුද්ගලයින් මෙරටට පැමිණ සිදුකරන පීසීආර් පරික්ෂණයේදී එය පොසිටිව් වන අවස්ථාවන් ද තිබෙන බවත් එය සිදුවිය හැකි දෙයක් බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

කෙසේ නමුත් නවලෝක රෝහල සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත රසායනාගාරයක් බවත් එහි නිකුත් කරනු ලබන පීසීආර් පරික්ෂණ වාර්තාවන් අධීක්ෂණයට ලක් කරන බවත් වෛද්‍ය ගුණසේකර පැවසීය.

Exit mobile version