කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණයට නැනෝ තාක්ෂණය

Nanotechnology-for-genetic-analysis

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ජාන විශ්ලේෂණ පරික්ෂණයන් සදහා නැනෝ ෆෝ තාක්ෂණය යොදා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර කටයුතු කර ඇත.

ඔක්ස්ෆඩ් නැනෝ ෆෝ ටෙක්නොලජි ආයතනය මගින් ලබා දුන් යන්ත්‍රයක් භාවිත කරමින් කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරික්ෂණ කිරීම සඳහා සිය කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට පියවර ගත් බවත් මේ අනුව මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයන් මොනවාද යන්න පිලිබඳව ඉක්මනින් සොයා ගැනීමට හැකි වන බවත් වෛද්‍ය ජීවන්දර මහතා සදහන් කරයි.

ජාන විශ්ලේෂණ පරික්ෂණයන් සඳහා මෙතෙක් භාවිත කළේ ඉලුමිනා තාක්ෂණය වන අතර එය මිල අධික මෙන්ම වැඩි කාලයක් ගත වන බවද ඔහු පෙන්වාදේ.

ඉලුමිනා තාක්ෂණය යටතේ නියදි 96ක් එකවර පරික්ෂාවට ලක් කළ හැකි අතර ප්‍රතිපල ලබා ගැනීමට දින 5ක් ගත වන අතරම නැනෝ තාක්ෂණයේ ප්‍රතිපල සඳහා ගතවන්නේ දින 2ක් පමණකි. ඒ සදහා වැය වන මුදලද අඩු යැයි වෛද්‍ය ජීවන්දර සඳහන් කරයි.

Exit mobile version