කොවිඩ් මෘත දේහවලින් ගසා කන බව කී සිද්ධියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ඉල්ලයි…

Upul-Rohana

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 08 වැනිදා ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සවස පුවත් විකාශනයේ දී කොවිඩ් 19 ආසාදිත මෘත දේහ ආදාහනය කිරීමට අදාලව කටයුතු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මල් ශාලාවලින් කොමිස් මුදල් ලබා ගන්නා බවත් ඒ හේතුවෙන් මහජනතාව දැඩි අසීරුවට පත්වන බවත් පිළිබඳ විකාශය වූ පුවත සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඍජුවම කොවිඩ් 19 ආසාදිත මෘත දේහ අවසන් බැහැර කිරීමේ ක්‍රියාවලියට අදාළව කටයුතු කරනු ලබන්නේ කොළඹ මහනරග සභා සීමාවේ බැවින් ඔවුන් එම රාජකාරි මෙතෙක් ඉතාම කැපවීමෙන් සිදුකර ඇති බව තමන් විශ්වාස කරන ආකාරය දක්වන සභාපතිවරයා එහෙත් ඉහත පුවත සත්‍ය නම් එය අතිශය අමානුෂික ක්‍රියාවක් බව පෙන්වා දෙයි.

මේ තරම් ව්‍යසනකාරී අවස්ථාවක මෘතදේහවලින් මුදල් ගසා කන ක්‍රියාවලියට සම්බන්ධ වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හෝ වෙනත් වෘත්තියකට අදාල ඕනෑම පුද්ගලයෙක් දැඩි දඬුවමට යටත් කළ යුතු බවත් ඒ සඳහා සංගමය ලෙස තමන්ගේ දායකත්වය ලබා දීමට සූදානම් බවත් සභාපතිවරයා කියයි.

Exit mobile version