රෝගීන්ගේ 12%ක් සමග මරණ 28%කින් වැඩිවෙලා ! – සංචරණය තවත් පාලනය කළ යුතුයයි විශේෂඥ වෛද්‍යවරු කියති

දිනෙන්‌ දින රෝහල්‌ පද්ධතියට දරා ගැනීමට අපහසු වන ලෙස වැඩිවෙන රොගීන්‌ සංඛ්‍යාවෙන්‌ සහ ඔවුන්ට අවශ්‍ය චන ඔක්සිජන්‌ ප්‍රමාණය ක්‍රමයෙන්‌ වැඩි වන බව නිරීක්ෂණය වී තිබීම නිසා දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත්‌ දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.

දැනට නිකුත්‌ වී ඇති සංඛ්‍යාලේඛන අනුව කොවිඩ් රෝගීන්ගේ 12% වර්ධනයක්‌ හා කොවිඩ් මරණවල 28% ක මරණ වර්ධනයක්‌ පසුගිය සතිය තූළ වාර්තා වී ඇති බව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

මෙමගින් සෞඛ්‍ය අංශවල ප්‍රතිකාර කිරීමේ හැකියාව මෙයින්‌ තවදුරටත්‌ සීමා වන අතරම මෙය තව දුරටත්‌ වර්ධනය වුවහොත්‌ රොගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය අංශ ඉතා දැඩි අර්බුදයකට ලක්‌ වීම වැළැක්වීමට නොහැකි බව ද එම ලිපියේ සදහන් ය.


ඉදිරියේ දී සැලසුම්‌ කර ඇති අනිකුත්‌ එන්නත්‌ ලබාදීමේ දී එහි දෙවන මාත්‍රාවට අවශ්‍ය චන එන්නත්‌ ප්‍රමාණය ප්‍රමාදයකින්‌ තොරව ලැබීමට ස්ථීර ක්‍රමයක්‌, ස්ථාපිත කර තැබීමෙන්‌ අනතුරුව පළමු එන්නත්‌ ප්‍රමාණය ලබා දීම සඳහා යොමු කරන පිරිස තීරණය කළ යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

මෙම ලැයිස්තු සැකසීමේදී, කොටසකට පමණක්‌ විශේෂත්වයක්‌ නොදක්වා සියලුම සෞඛ්‍ය සේවා සහ එයට සම්බන්ධ අයත්‌ ඔවුන්ගේ පචුල්වල සමීපතම සාමාජිකයන්ටත්‌ ප්‍රමුඛත්වය ලබා දිමෙන්‌ ඔවුන්ගේ සේවාවේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට උපකාර වනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉහත කරුණු විස්තර කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

Exit mobile version