කොවිඩ් මරණ 36න් කොවිඩ් නිසාම මිය ගියේ 5යි.. හමුදාපති කියයි..

නතාෂා නෙත්මිණි –                                                    

කොවිඩ් රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 36 දෙනාගෙන් කොවිඩ් නිසාම මියගොස් ඇත්තේ පුද්ගලයින් 5 දෙනෙකු පමණක් යැයි හමුදාපති ශවින්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

මියගොස් ඇති අනෙකුත් පුද්ගලයින් නිදන්ගත රෝග වලින් පෙළුන අය බවත් එම රෝගය උත්සන්න වී මියගොස් ඇති අතර ඔවුන්ට කොවිඩ් වෛසරය ආසාදනය වී ඇති බවත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇතිබව සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ යැයි හමුදාපතිවරයා අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් නිදන්ගත රෝගයන් සදහා ප්‍රතිකාර ගත් පුද්ගලයින් තමන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමට පෙර රෝහල්ගත වන ලෙසද රෝහල් තුල සුරක්ෂිත පරිසරයන් නිර්මාණය කර ඇති බවද හෙතෙම සදහන් කරයි.


 

Exit mobile version