කොවිඩ් මරණ 11500න් සියයට 76ක් එන්නත් මාත්‍රා දෙකම අරගෙන නෑ…

දැනට වාර්තා වී තිබෙන කොවිඩ් මරණ (11500) එකොළොස් දහස් පන්සිය ක පමණ සංඛ්‍යාව අතරින් සියයට හැත්තෑ හයක්ම කිසිදු එනන්ත් මාත්‍රාවක් ලබා නොගත් අය බව වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි  පවසයි.

ඉන් සියයට හයක් පමණක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය බවත්   ඉතිරි සියයට දහඅට ක පිරිස එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් අය බවත් හෙතම කීය

ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේ භූමදානය කර ඇති කොවිඩ් ආසාදිත මළ සිරුරු දෙදහස් අටසිය දෙක  අතරින් 1501 දෙනෙකු ඉස්ලාම් භක්තිකයින් 160 දෙනෙකු හින්දු භක්තිකයින්ද 160 ක් 88 දෙනෙකු බෞද්ධ බැතුමන්ද 53 දෙනෙකු කතෝලික බැතිමතුන් වන බව ඒ මහතා කීය.


මහනුවර ජාතික රෝහලේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අන්වර් මහතා ඊයේ (14) මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය.මෙම මිහිදන් කළ කොවිඩ් ආසාදිත මළ සිරුරු වලින් 1674 දෙනෙකු පිරිමි අයයි.ස්ත්‍රී මළ සිරුරු 1128 ක් භූමදානය කළා.තවත් මළ සිරුරු 2000 කට ආසන්න සංඛ්‍යාවක් භූමදානය කිරීම සඳහා මෙහි ඉඩ තිබෙනවා.මළ සිරුරු භූමදානයට  විකල්ප සුසාන භූමි ලබාදෙන ලෙස මඩකළපුව,ත්‍රිකුණාමළය හා පුත්තලම දිස්ත්‍රික්ක වලින් ස්ථාන ඉල්ලීම් තිබෙනවා.මෙම ඉල්ලීම් යොමු කෙරෙන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු මගිනුයි.අපේ තාක්ෂණික කමිටුව මගින් පරීක්ෂා කර යෝජිත ස්ථාන වලට අවශ්‍යයතාව අනුව අනුමැතිය ලබාදීමට පියවර ගන්නවා.මේවන තුරු වෙනත් ස්ථානයකට අනුමැතිය ලබාදී නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ සහ පෞද්ගලික අංශයට අයත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 275 ක සත්කාර ඇඳන් 39889 ක් ස්ථාපිත කර තිබෙනවා.මේවන විට ඒවයින් පිරී තිබෙන්නේ 62% ක සංඛ්‍යාවක් පමණයි.ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස දැන් පහත වැටෙමින් තිබෙනවා.

Exit mobile version