කොවිඩ් මරණයත් එක්ක දෙවියන් දකින්න ගිය මඩකලපුවේ මිනිස්සු…. මහ සෙනගක් වතුරට බැස කළ පූජා ජංජාලය…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලුම නිරෝධායන නීති බිඳමින් ඊයේ (08) මඩකලපුවේ පැවති හින්දු කෝවිලක පැවති පූජාවක් පිළිබඳ සමාජ මාධ්‍යයේ ඇතිවූ විශාල කතාබහත් සමග ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මඩකලපුවේ මාමංගම් කෝවිලේ පැවති මෙම පූජාවට හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. අන්තර්ජාලයේ සංසර්ණය වූ එම ඡායාරූපවලින් පෙනුනේ සියලුම සෞඛ්‍ය නිර්ණායක උල්ලංඝනය වෙමින් පැවති ආකාරය.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙද්දී මහජන රැස්වීම්වලට සහභාගී නොවන ලෙස රජය අනතුරු අඟවා ඇති අවස්ථාවක මෙම චාරිත්‍රයට අවසර ලබා දුන්නේ කෙසේදැයි සමාජ මාධ්‍ය භාවිතා කරන්නෝ කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන ගීතනාත් කාසිලින්ගම් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ජනතාව විමසිලිමත් විය යුතු අවස්ථාවක මෙවැනි සිදුවීමක් වාර්තාවීම කනගාටුවට කරුණක් බවය.

කැසිලින්ගම් පැවසුවේ ඔහු නිලධාරීන්ට සහ පොලීසියට කතා කර ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය

Exit mobile version