කොවිඩ් බිය ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය කල් දමයි… ගැටලුවක් නම් කණ්ඩායම වෙනස් කිරීමේ සැලසුමක්……

India's Ravi Ashwin (R) arrives for a training session at the Sydney Cricket Ground (SCG) on January 6, 2021, ahead of the third cricket Test match against Australia. (Photo by Saeed KHAN / AFP) / --IMAGE RESTRICTED TO EDITORIAL USE - NO COMMERCIAL USE--

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන ඉන්දියා – ශ්‍රී ලංකා සීමිත ඕවර තරගාවලිය දින කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන්ට කෝවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා මේ තීන්දුව ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩයකන් ඉරිදා දින වනතුරු දැඩි නිරෝධායනයකට යොමු කර ඇති බවත් යම් අයුරකින් එක් ක්‍රීඩකයෙකුට හෝ කොවිඩ් ආසාදනය වී ඇතිනම් කණ්ඩායම වෙනස් කර තරගයට යොමු කිරීමේ සැලසුමක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට ඇති සැලසුම් ප්‍රකාරව එක්දින තරගාවලිය ජූලි 17, 19 සහ 21 යන තෙදින තුළත්, විස්සයි 20 තරග ජූලි 24, 25 සහ 27 යන තෙදින තුළත් පැවැත්වීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

Exit mobile version