කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ තනතුරින් ඉවතට…

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරලා....

ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

තනතුරෙන් ඉවත් කළ ඔහු පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසූරියට කොවිඩ් එන්නත ලබාදීමට මැදිහත් වීම හේතුවෙන් ලේකම්වරයා මෙසේ මාරු කර යවා ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ බව සඳහන් කරමින් නාරහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍යටද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇති බව වාර්තා වෙයි.


Exit mobile version