කොවිඩ් නීති කැඩූ යාපනයේ කෝවිල් දෙකකට නඩු…

දිනසේන රතුගමගේ –

යාපනයේ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ අශ්ව රථ පෙරහැරට හා පූජාවට   බැතිමතුන් 300 ක් පමණ සහභාගි කරවීම නිසා එම කෝවිලේ බාරකාර කුරුක්කල්වරුන් හතර දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කරෙයිනගර් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් 4 දා පියවර ගෙන තිබේ.

මෙම කෝවිලේ උත්සවයට 50 දෙනෙකුට අඩු පිරිසක් සහභාගී කරවන ලෙස කෝවිල් උත්සවය පැවැත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී සෞඛ්‍ය නිලධාරීන් අවසර දී තිබේ.

නමුත් උත්සවය පැවති 3 වෙනිදා එම උත්සවයට 300 කටත් වඩා බැතිමතුන් සහභාගී වීම් නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් ගොස්  බැතිමතුන් සියළුම දෙනා කෝවිලෙන් ඉවත් කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෝවිලේ ප්‍රධාන කුරුක්කල්වරු  හතර දෙනා  නිරෝධායනයට ලක් කොට ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය  පියවර ගෙන තිබේ.

Exit mobile version