කොවිඩ් නීති කඩ කළ අය කුදලාගෙන යෑම පොලිස්පති නවත්වයි…

කීර්ති ප්‍රනාන්දු –

මුව ආවරණ පැළඳන්නේ නැතිව නිරෝධායන නීති කඩකරමින් තැනින් තැන සිටින පුද්ගයන් අත්අඩංගුවට ගෙන ඔවුන්වන ඔසවාගෙන රැගෙන යෑම සිදුනොකළ යුතු බවට පොලිස්පති ඩී.සී. වික්‍රමසිංහ සියලුම උසස් පොලිස් නිලධාරීන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග හෙළි කරයි.

මුව  ආවරණ නොමැතිව සිටින පුද්ගලයන් කුදලාගෙන යෑමේ දී කිසියම් අයුරකින් ඔවුන් අතර කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් සිටියහොත් අවදානමට ලක්වන්නේ පොලිස් නිලධාරීන් බවත් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ  බවත් පොලිස්පතිවරයා නිකුත් කර ඇති එම විශේෂ චක්‍රලේඛයේ දක්වා ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම චක්‍රලේඛය මගින් පොලිස්පතිවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් එකම රථයකින් ප්‍රවාහනය කිරීමෙන් තවත් අයටත් කොවිඩ් බෝවීමේ අවදානම ඇති බවත්, මින් ඉදිරියට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් එකම වාහනයකට රැස් කිරීම නොකළ යුතු බවත්ය.


Exit mobile version