කොවිඩ් නීති කඩා පූජාවක් තැබූ පූජකයා සහ බැතිමතුන් 18ක් නිරෝධායනයට..

දිනසේන රතුගමගේ

වවුනියාව පුලියන්කුලම් පොලීසිය විසින් පලයවාඩී ප්‍රදේශයේ කෝවිලක සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඊයේ (01) ස්වයං නිරෝධායනය සදහා යොමු කොට තිබේ.

මේම පූජාව පවත්වා ඇත්තේ පුලියන්කුලම පලයවාඩි නාගරම්බිරාන් ශිව කෝවිලේ වන අතර අත් අඩංගුවට ගත් පිරිස අතර කෝවිලේ පූජකවරයා හා ඔහුගේ ආවතේවකරුද සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙරද මෙම කෝවිලට පැමිණ මුඛ අවරණ නොමැතිව පූජාවකට සහභාගී වූ තුන් දෙනෙකු පුලියන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන දැඩි සේ අවවාද කොට නිදහස් කොට තිබුණි.


Exit mobile version