කොවිඩ් දේහ ආදාහනය කරන මහයියාව ආදාහනාගාරයත් අවදානමේ.. සුසානභූමි සේවකයෙකුට කොවිඩ්…

පී.සී.ආර්. රැපිඩ් නෑ... ආශ්‍රිතයන් සියලු දෙනා වැඩට ගෙන්වලා...

mahaiyawa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහයියාව සුසාන භූමියේ කාර්යය මණ්ඩලයේ සමාජිකෙයෙකුට ඊයේ (16) කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඔහුගේ ප්‍රථම ආශ්‍රිතයන් 08 දෙනාගෙන් කිසිවෙකුට මේ වනතුරු පී.සී.ආර් පරීක්ෂණ හෝ නිරෝධායනය නොකර සේවයට කැඳවා ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට ආසාදිත කම්කරුවා දිගන වරාපිටියේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.

මේ වනවිට මහයියාව සුසාන භූමිය කොවිඩ් දේහ ආදාහනය කිරීම සඳහා උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන බවත් එය අකර්මණ්‍ය වෙතැයි බියෙන් මේ සේවකයන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කර නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මහයියාව ආදාහනාගාරයේ ආදාහන ගෑස් යන්ත්‍ර දෙකෙන් දිනකට මෘත දේහ දහයක් ආදාහනය කරන අතර ඒ සියළුම මෘත දේහ පේරාදෙණිය හා නුවර රෝහල්වලින් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණවල මෘත දේහ බව සෞඛ්‍ය අංශ පවසයි.

මහයියාව සුසාන භුමියේ ආදාහනාගාර සහ භූමදානය යන අංශ දෙකෙහි මේවන විට සේවයේ නියුතු සේවක සංඛ්‍යාව විසි දෙකකි. ඉන් තිදෙනෙක් ආදාහනාගාර පාලකවරුන් වන අතර සෞඛ්‍ය පරික්ෂකවරයෙක් සහ කම්කරුවන් දහනවදෙනකු සේවයේ යෙදි සිටිති.

සුසාන භූමියේ භූමදානය කරනු ලබන්නේ සාමාන්‍ය මරණය.

මේ වන විට මහයියාව සුසාන භූමියේ දිනකට සාමාන්‍ය මෘත ශරිර හතරක් හෝ පහක් භූමදානය කරනු ලබන අතර ඒ සඳහා කම්කරුවන් දහදෙනකුට ආසන්න පිරිසක් යොදවා තිබේ.


Exit mobile version