කොවිඩ් දේහවලින් ගසා කන පී.එච්.අයි ලා ගැන චෝදනාව නිසා මෙතක් කළ සියලු කැප කිරීම් වතුරෙ ගියා…

මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් ඉල්ලයි….

Upul-Rohana

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

කොවිඩ් මෘත දේහවලින් අයථා අන්දමින් මුදල් උපයන බවට කොළඹ නගරයේ  මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් ආරම්භ කරන්නැයි තමා අදාළ අංශවලට දැනුම් දුන් බව මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි‍

මෙසේ අයථා ලෙස මුදල් උපයන බවට චෝදනාවන්ට ලක්ව ඇති මහජන පරික්ෂකවරුන් සම්බන්ධයෙන් තම සංගමය ලෙස විශේෂ සොයා බැලීමක් කරන බවද ඔහු පැවසීය.

කොවිඩ් වසංගතයෙන් ජනතාව මෙතරම් දුෂ්කරතාවන්ට පත්ව සිටින මොහොතකදී තම සංගමයේ සාමාජිකයින් මෙලෙස කටයුතු කර ඇත්නම් එය තමා හෙලාදකින බවත් එවැනි වරදක් කර ඇත්නම් ඒ අය සම්බන්ධයෙන් සංගමයේ නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට තමා පසුබට නොවන බවද ඔහු පැවසීය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් කොවිඩ් වසංගතය හමුවේ බිම්මට්ටමේ සිට තම ජීවිත පවා පරදුවට තබා   රාජකාරී කල තම සාමාජිකයින්  මෙලෙස කොවිඩ් මෘත දේහවලින් අයථාලෙස මුදල් ඉපැයූ බවට චෝදනා ලැබීම ඉතාමත් කණගාටු දායක් තත්ත්වයක් බවත් මෙතෙක් කලක් තම සාමාජිකයින් කළ මෙහෙවර අපතේ ගියාක් මෙන් දැනෙන  බවත් උපුල් රෝහණ මහතා කියා සිටියි. 

Exit mobile version