කොවිඩ් කඳවුරු පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යාපීඨවල කාර්ය මණ්ඩලත් සේවයට කැඳවයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අද (02) සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා එවා ඇත.

මේ වනවිට සෑම අධ්‍යාපන විද්‍යාපීඨයකම නේවාසිකාගාර කොවිඩ් නිරෝධායන හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර එම පරිශ්‍ර මේ වනතුරු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබිණි.

නේවාසිකාගාරවල කොවිඩ් කඳවුරු පවත්වාගෙන යන නිසා ගුරු ශිෂ්‍යයන් සම්බන්ධ කරගෙන ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන දවසක් හෝ පැහැදිලි නැතිව තිබිය දී කොව්ඩ් කඳවුරු වෙත සෞඛ්‍යාරක්ෂිතව රාජකාරියට වාර්තා කරන ලෙස සියලුම ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ කාරයමණ්ඩල වෙත මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව මේ කැඳවීමේ අරමුණ 2021.07.30 දිනැති රාජ්‍ය සේවය යථා පරිදි පවත්වාගෙන යෑම යැයි දන්වා තිබේ.

Exit mobile version