කොවිඩ් කතා අස්සේ උපුල් ගලප්පත්ති බැසිල්ගෙන් බඩ කට පුරා අහගෙන…

අද හම්බන්තොට මාගම්පුර පරිපාලන ගොඩනැගිලි පරිශ්‍රයේ පැවති හම්බන්තොට දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී කොවිඩ් පාලනය පිළිබඳ ඇති වූ සාකච්ඡාවේ දී හම්බන්තොට පොදුජන පෙරමුණු මන්ත්‍රී උපුල් ගලප්පත්ති  පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් බඩ කට පුරා බැණුම් අසාගත් පුවතක් වාර්තා වේ.

මෙම රැස්වීම පවත්වනු ලැබ තිබුණේ මාධ්‍ය සහභාගිත්වයෙන් තොරවය. මෙහිදී කොවිඩ් තත්වය පාලනය කිරීම සඳහා හම්බන්තොට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාව පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති බැසිල් ඇතුළු පිරිස ඉදිරිපිට පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරහා වෛද්‍යවරුන් ලබාගෙන  ඔවුන්ගේ සහාය ඇතිව අවශ්‍ය ඇඳන් ප්‍රමාණය සකසා මේ කටයුත්ත කළ හැකි බවය.

ඒ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙතන දේශපාලන තීන්දු ගන්නා තැනක් මිස තමුන්ගේ වෛද්‍ය වෘත්තිය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන පුරාජේරු කියන තැනක් නොවන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙන්ට ඒ වෛද්‍ය වෘත්තිය අදාල නැති බවත්, පවිත්‍රා හා සුදර්ශනී ඒවා කරගනු ඇති බවත්, තමුන් කතා කරන්නේ තමුන්ට කරන්න අති දේ නොවන බවත් පවසා ඇත. ඉන් අනතුරුව උපුල් ගලප්පත්තිගේ වගකීම් කොටස නාමල් රාජපක්ෂ විසින් බාරගෙන තිබිණි.

Exit mobile version