සිම්බාබ්වේ පැවැත්වෙමින් තිබුණු කාන්තා ලෝක කුසලාන මූලික වටය අතර මැද අවලංගුයි! ශ්‍රී ලංකා කණ්ඩායම අර්බුදයක…

දකුණු අප්‍රිකාව අඩපණ කරමින් පැතිර යන  නව COVID-19 ඔමික්‍රොම් ප්‍රභේදයේ අවදනාමට ලක් වී ඇති    සිම්බාබ්වේ ඇතුළු අප්‍රිකානු රටවල් ගණනාවක සංචාරක සීමාවන් හඳුන්වාදීම හේතුවෙන් 2021 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හරාරේ හි සැලසුම් කර තිබූ  තරඟ   අත්හිටුවා ඇති බව  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේය.

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත 2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන්  කණ්ඩායම් තුන තීරණය කිරීමට   තරගාවලියේ මූලික ලීග් අදියර පැවැත්වෙමින් තිබිය දී අයි.සී.සී.ය මෙම තීරණය ගෙන ඇත.

මේ තරගාවලිය අවලංගු වීමත් සමග තරඟාවලියේ ක්‍රීඩා කරන කොන්දේසි වල විස්තර කර ඇති පරිදි ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින් සිටින කණ්ඩායම් තුන ලෝක කුසලාන අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්  ලෙස නම් කර තිබේ.


ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළින් සිටි බංග්ලාදේශය, පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැන් නවසීලන්තයේ පැවැත්වෙන අවසන් තරගවට පිවිසෙනු ඇත.

මෙම තරගාවලියේ  සෙනසුරාදා පැවැත්වීමට නියමිත තරග තුනෙන් දෙකක් සිම්බාබ්වේ සහ පාකිස්තානයත්   ඇමරිකා එක්සත් ජනපදය සහ තායිලන්තයත්  නියමිත පරිදි පැවැත් වූ නමුත්  තුන්වන තරගය වන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වූයේ නැත. ඊට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසක්  කොවිඩ් ආසාදනය වීමය.

අයිසීසී ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි පැවසුවේ, “මෙම ඉසව්වේ   අවලංගු කිරීමට සිදුවීම ගැන   ඇදහිය නොහැකි තරම් කණගාටුවන නමුත් අප්‍රිකානු රටවල් ගණනාවකට   කෙටි දැනුම්දීමකින් සංචරණ සීමාවන් පැනවීමත් සමඟ කණ්ඩායම් ආපසු යාමට නොහැකි වීමේ බරපතල අවදානමක් ඇති වී තිබෙන බවය.

“අපි මෙම ඉසව්ව සම්පූර්ණ කිරීමට ඉඩ දීම සඳහා විකල්ප ගණනාවක් ගැන අවධානය යොමු කරලා තිබෙනවා.  නමුත් එකක්වත්  කළ නොහැකියි.   අපි හැකි ඉක්මනින් කණ්ඩායම් සිම්බාබ්වේ වෙතින් පිටතට රැගෙන යා යුතුයි. ඒ අනුව බංග්ලාදේශය, පකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව 2022 ICC කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.“

2022 මාර්තු 4 සිට අප්‍රේල් 3 දක්වා නවසීලන්තයේ පැවැත්වෙන ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය (සත්කාරක), පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයයි.

මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දී ඇත්තේ සංචරණ සීමා පැනවීම මෙන්ම මේ වනවිට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තුනදෙනෙකුට හා කාර්යමණ්ඩලයේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද සිට ශ්‍රී ලංකාවද  සිම්බාබ්වේ ඇතුළු රටවල් හයකට සංචරණ සීමා පනවනු ලැබුවේය.

Exit mobile version