කොවිඩ් එන්නත මිලට ගන්න රජය කෝටි 1000ක ණයක් ගන්න යයි

COVID-19 ට එරෙහි එන්නත් ශ්‍රී ලංකාවට මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 1000ක ණයක් ලබා ගැනීමට රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පෙන්වාදෙන්නේ මෙරට ජනගහනයෙන් විශාල කොටසකට අවශ්‍ය එන්නත මිලදී ගැනීම සඳහා රජය මෘදු ණයක් අපේක්ෂා කරන අතරම ආසියානු සංවර්ධන බැංකුව (ඒඩීබී) සහ යුරෝපා සංගමය (ඊයූ) වෙතින් අරමුදල් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද සොයා බලන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජාත්‍යන්තර මුලපිරීමක් යටතේ ශ්‍රී ලංකාවට සිය ජනගහනයෙන් සියයට 20 කට එන්නතක් ලබා දෙන බවට සහතික වී තිබේ.


යෝජිත එන්නතේ ආනයන සඳහා වන පිරිවැය බොහෝ දුරට රඳා පවතින්නේ එහි ඵලදායීතාවය අනුව ආනයනය කළ යුතු එන්නත වර්ගය මත බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා රෙගුලාසි පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන උපුටා දක්වමින් ‘ද සන්ඩේ ටයිම්ස්’ පවසයි.

ලෝක බැංකුව සමඟ කළ සාකච්ඡාවලට අමතරව එන්නත මිලදී ගැනීම සඳහා ප්‍රදාන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද රජය සොයා බලමින් සිටින බව වාර්තා වේ.

මහාචාර්ය ජයසුමන මහතා පවසා ඇත්තේ මෙම එන්නත් ඍණ උෂ්ණත්ව තත්ත්වයන් තුළ ගබඩා කිරීම අවශ්‍ය බැවින් සීතල ගබඩා පහසුකම සඳහා අධික වියදමක් දැරීමට සිදුවනු ඇති බවයි.

කොවිඩ් මෙහෙයුමේ සිටින සෞඛ්‍ය සේවකයින් සඳහා ද මෙම එන්නත ලබා දීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති අතර විශේෂඥ කමිටුවක් විසින් එන්නත ලබා ගන්නා කණ්ඩායම්වලට ප්‍රමුඛතා පිළිවෙළ සකස් කිරීමේ වැඩසටහනක් සැලසුම් කරමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව විසින් එන්නත ලබා ගැනීම සඳහා වන ලංසුව කඩිනම් කළ යුතු බවත්, ඇනවුම කොතරම් ඉක්මනින් ලබා දී ඇත්ද යන්න මත පදනම්ව එන්නත නිකුත් කරන බවත් වාර්තා වේ.

Exit mobile version