කොවිඩ් ආසාදිතව මිය ගාල්ලේ ගිය දෙදරු මවගේ හා බන්ධනාගාර රැඳවියාගේ අවසන් කටයුතු සිදුවේ…

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගිය  කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියාගේ  සහ  දෙදරු මවගේ මෘතදේහයන් නිරෝධායන නිතිරිතිවලට අනුකුලව ඊයේ (23) ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය.

කොවිඩ් ආසාදිත දෙදරු මව 52 හැවිරිදිවියේ පසුවන හේනවල  අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පසුගිය 22 වැනි දින කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්ව  ඇත. හෘද රෝග ඒකකයේ දී මෙම මව සැත්කමකට භාජනය කොට ඇත. එහිදි ඇතිවු හුස්ම ගැනිමේ අපහසුතාවයක් නිසා දැඩිසත්කාර ඒකකයට ඇතුළත්කොට ඇති අතර දැඩිසත්කාර ඒකකයේ දි එම මව මියගොස් ඇත.

මිය යාමෙන් පසු කරනු ලැබු පි.සි ආර්. පරික්ෂණයේ දී ඇයට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව්  හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  පැවසීය.


මියගිය දෙදරුමවගේ දේහය ඥාතින් විසින් භාරගත් අතර නිරෝධායන නිතිරිතිවලට අනුකුලව ඇයගේ ආදාහන කටයුතු ගොනපිනුවල කලුවලගහ ජනපදයේ ආදාහනාගාරයේ දී සිදුකරනු ලැබිය.  පශ්චාත් මරණ පරික්ෂණය  කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  සමාධි දන්දෙණිය   විසින් සිදුකරනු ලැබුවාය.

බන්ධනාගාර රැඳවියා  මිනිමැරම් චෝදනාවකට සම්බන්ධ බවට විභාගවු නඩුවකට වැරදිකරුවු අයෙකි. ඔහු සිරදඬුවම් ලබා සිට ඇත. මොහු 60 හැවිරිදි වියේ පසුවන වුඩ්ලන්ඩ්වත්ත ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තමන්ට ගෙවිය යුතු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඔහු ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිට ඇත. මෙකි පුද්ගලයා දිර්ඝ කාලයක් තිස්සේ ස්නායු ආබාධයකින් පෙළීම නිසා එක්තැන්ව සිටි අයෙකි.  ශරිරයේ තුවාල දැමිම නිසා මොහු  ගාල්ල බන්ධනාගාර රෝහලේ සිට කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇති අතර බාහිර ප්‍රතිකාර අංශයට ඇතුළත් කරණවිටත් මොහු  මියගොස් සිටි  ඇත. මිය යාමෙන් පසු කරනු ලැබු පි.සි ආර් පරික්ෂණයේ දී මෙකි රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරික්ෂනය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි තරංගද සිල්වා විසින් කරනු ලැබීය. මෙම රැඳවියාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකුලව රජයේ වියදමින් ගාල්ල දැඩැල්ල ආදාහනාගාරයේ දි සිදුකරනු ලැබීය.

 

 

Exit mobile version