කොවිඩ් අස්සේ සියවසක් පැරණි සුසාන භූමියක සොහොන් කඩා කඩ ව්‍යාපෘතියක් පටන් අරන්….

කොවිඩ් සංචරණ සීමා පනවා ඇති වකවානුවේ වසර සීයකටත් වඩා පැරණි පොදු සුසාන භූමියක ඉඩම් කොටසක් වෙන්කර එහි සොහොන් කොත් ඩොසර් කර දමා වෙළෙඳ සැල් පෙළක් ඉදිකිරීමට කටයුතු කළ දේශපාලකයෙක් ගැන අඹගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

අඹගමුව ප්‍රාදේශීය සභාව යටතේ පාලනයවන ගිනිගත්හේන රංජුරාව පොදු සුසාන භූමියේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි ඉඩම් කොටස මෙසේ ඩෝසර් කර වෙන් කර ඇත්තේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බව තහවුරු වී ඇත.
දැනට ඩෝසර් කර සමතලා කර ඇති භූමියේ මින් ඉදිරියට කිසිම දේහයක් වළ දැමීමට අවසර නොමැති බව සභාපතිවරයා විසින් දන්වා තිබේ

මේ පිළිබඳව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් කළ විසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ ඩෝසර කර ප්‍රතිසංස්කරණය කළ කොටස ප්‍රාදේශීය සභාවට ආදායම් මාර්ගයක් ලැබෙන සේ ප්‍රදේශයේ ස්වයං රැකියා කරන අය සදහා වෙළෙඳසල් පෙළක් ඉදිකිරීමට සැලසුම් කළ බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව අදහස් දක්වන එම අඹගමුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසන්නේ මෙය අත්තනෝමතික ක්‍රියාවක් බවත් මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ප්‍රාදේශීය සභාවෙන් අනුමැතියක් ලැබී නැති බවත්ය.

Exit mobile version