ශ්‍රියානි විජේසිංහ
කොවිඩ් 19 වසංගත පිලිබඳව ජනතාවගේ අවධානය ගිලිහෙමින් පවතින බැවින් එය නැවත වැඩිකරලීම සඳහා නවතම වැඩපිළිවෙලක් සකස් කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස සතිපතා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මාධ්‍යවේදීන් දැනුවත් කරන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂවරයාට උපදෙස් ලබා දී ඇත.
වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු වගකිවයුතු ආයතනයන් හි නිලධාරින් මෙම ප්රවෘත්ති සාකච්ඡාවට කැඳවීමට නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය කරුණාප්‍රේම පැවසීය.
මේ අනුව ඉදිරිසතියේ පැවැත් වීමට නියමිත ප්රවෘත්ති සාකච්ඡාව සඳහා නියමිත දිනයක් හා වේලාවක් සඳහන් කරන බවත් එම ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට කොවිඩ් 19 පිළිබඳව පැන නැගී පවතින ඕනෑම ගැටලුවකට පිළිතුරු ලබා දීමට සෞඛ්‍ය අංශයේ වගකිවයුතු පාර්ශ්ව කරුවන් සිටිනු ඇති බවද වෛද්‍ය කරුණාප්‍රේම සඳහන් කළේය.