කොරෝනා වැළඳී හැංගී සිටි බෝට්ටු හිමියා අත්අඩංගුවට ගෙන රෝහලට

දිනසේන රතුගමගේ:

කොරෝනා රෝගය වැළදුණු බවට සැකකෙරෙන යාපනයේ බෝට්ටු හිමියෙකු 14 දා සවස නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් සමග සමබදකම් පවත්වන යාපනයේ වඩමරච්චි නැගෙනහිර උඩුතුරෙයි වෙම්බඩි මුහුදු ප්‍රදේශයේ බෝට්ටු හිමියෙකු කොරෝනා රෝගයෙන් පෙළෙන බවට ලද තොරතුරක් මත නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට පත් පුද්ගලයාද කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙකු බවට තොරතුරු හෙළි වී ඇති අතර ඔහුට ඉන්දීය ජාතිකයින්ගෙන් කොරෝනා රෝගය වැළදී ඇති බවට සැකකරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකසහිත පුද්ගලයා රෝහල් ගත කොට ඇති අතර ඔහුගේ පවුලේ උදවිය නිරෝධායන කටයුතු සදහා යොමු කොට තිබේ.

Exit mobile version