අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා පාලනය ගිලිහෙයි ! වරද කාගේද?

by editor
ජනවාරි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

අද මෙරට මාධ්‍යවල වචන 10ක් කතා කළොත් එයින් පහක්ම කොවිඩ් ගැනය. තිබෙන මාධ්‍ය සාකච්ඡාවලින් වැඩි හරියක් මේ වසංගතය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න සේම ආණ්ඩුවෙන් ලබා දෙන විසඳුම් ගැනය. අප රූප පෙට්ටය ඉදිරියේ දිග හැරෙන ප්‍රවෘත්ති විකාශවලින් කෙරෙන්නේ තවත් දිග ඇදෙන ඉන්දියානු ටෙලි නාට්‍ය මාලාවක් සේ කොවිඩ් නිසා ඇතිව තිබෙන දුක, සතුට මතු කිරීමය. එය විඳින්නට සැලැස්වීමය. ඒ අතරේ වීර චරිතයට ඇඳ ගන්නා දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර පිළිබඳව පෙන්වා ජනතාවගේ බිය සැක තුරන් කිරීමය.

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ කොවිඩ් සම්බන්ධ නිල ප්‍රකාශකයා වන හරිත අලුත්ගේ    කරන්නේ  දවල් මිගෙල්  දනියෙල් ආකාරයෙන් වන ඔවුන්ගේ වෘත්තීය සංගමයේ  ද්විත්ව චරිතයක් මවා පෑමය. ඔහු ආණ්ඩුව ෂේප් කරන අතරේ සෞඛ්‍ය බලධාරීන් පට්ට ගැසීමේ භූමිකාව මැනවින් නිරූපණය කරන්නේය. මේ අතරේ නිරෝධායනය වීම සම්බන්ධයෙන්  රට තොට හන්දි ගානේ සිදුවන “නැගලා යන කෑලි“ පෙන්වා ජනතාව තුළ යම් වින්දනයක් ඇති කිරීමය. අපට ප්‍රවෘත්ති විකාශය නරඹා නැගිටින විට අවබෝධ වන පොදු අවබෝධය වන්නේ මෙය හුදෙක් ටෙලි නාට්‍යයක්ම පමණක් බවය. එයට හේතුව මේ සිදුවන දේවල් ඇත්තටම සමාජයේ කොවිඩ් සම්බන්ධයෙන් සිදු නොවන බවය.

ඇත්ත නම් කොවිඩ් පාලනය තවදුරටත් සෞඛ්‍ය අංශ අතර නැති බවය. ඒ පිළිබඳ යථාර්ථය ක්ෂේත්‍රයෙන්ම මතුවන ආකාරය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල සහිතව රෝගියා හඳුනා ගැනීමේ ක්‍රමවේදය සංකීර්ණයක් වී ඇත.

දැනට ක්‍රියාත්මක ක්‍රමය තුළ පී.සී.ආර්. පරීක්ෂණයක් කර  එහි වාර්තා නිකුත් වන්නේ අදියර තුනකිනි. මුල්ම අදියරේ ප්‍රතිඵලය දින 03  හෝ 04න් නිකුත් වේ. ඉන්   ආසාදිත නොවූ පුද්ගලයන් ලයිස්තුව ප්‍රකාශයට පත් වේ. ඉතිරි පිරිස අයත් වන්නේ කොවිඩ් ආසාදිත වීමේ අවදානම සහිත පිරිස ලෙසය. ඔවුන්ගේ ආසාදිත බව තහවුරු කරගැනීමට තවත් දින 01 ක් හෝ 2ක් ගතවේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන් අනතුරුව ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාලය වෙත ඇතුළත් කර ඔහු වෙනුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇඳක් වෙන් කරගත යුතුය. දැන් වාර්තාවන ධාරිතාව අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇඳක් වෙන් කරගැනීමට දින 04 -05ක් ගතවන අවස්ථා තිබේ. මේ ක්‍රමවේදය තුළ කොවිඩ් ආසාදිත බව හඳුනාගත් පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වූ බව හඳුන්නා පී.සී.ආර් පරීක්ෂණය කළ දිනයේ සිට  අඩුම තරමින් දින 09ක් සමාජයේ සිටින අවස්ථා ඕනෑතරම් වාර්තා වේ. මේ දින ගණන දින 12 දක්වා වූ අවස්ථා ද බහුලය. රෝගියා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකරනවිටත් නිරෝධායනය විය යුතු දින 14 ඉක්මවූ අවස්ථා ඇත.

“ මම අත් විඳපු සිදුවීමක් කියන්නම්. පහුගිය 12 වැනිදා කළ පී.සී.ආර් පරීක්ෂණයක වාර්තා අනුව මගෙ ප්‍රදේශයේ රෝගියෙක් කොවිඩ් පොසිටිවු වුණා.  පොසිටිව් බවට තහවුරු කරන වාර්තාව ලැබුණෙ 18 වැනිදා රෑ. රෝගියට දැනුම් දුන්නා ඔබට කොවිඩ් පොසිටිවු. දින 14කට අවශ්‍ය කළමනා ලෑස්ති කරගන්න. ඔබව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන්න සූදානම් කියලා. 19 දවස තුළ ඔහුව  සෞඛ්‍ය අමාත්‍යාංශ පද්ධතියට ඇතුළත් කළා.  ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇඳක් ලැබුණෙ දවස් 5කින්. ඔහුට ප්‍රතිකාර මධ්‍යස්ථානය ලැබුණෙ පොලොන්නරුව පුලතිසිපුර. එතෙන්ට ඔහුව යොමු කරන්න පුලුවන් උනේ පෙරේදා.  කොවිඩ් ආසාදනය වෙලා දින 14 සම්පූර්ණ වීම නිසා ඔහුව ඊයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ගෙදර එවලා තිබුණා. පොලොන්නරුවෙ ඉඳන් එනගමන්  ඔහු මට කතා කරලා අහනවා මහත්තයෝ… මේ මොන විහිලුවක් ද ඔයාල කරන්නෙ කියලා.“ නිරුත්තර වූ කොළඹ ආශ්‍රිතව රාජකාරියේ යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අපට කීවේය. කොවිඩ් මර්ධනයේ බිම් මට්ටමේ රාජකාරි කරන ක්ෂේත්‍ර  සෞඛ්‍ය අංශයේ  සුලබ අත්දැකීම බවට පත්වෙමින් ඇත්තේ මේ යථාර්ථය ය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මුහුණ දුන් අත්දැකීමද ඊට වෙනස් නැත. ඔහුම  පවසන පරිදි පීසීආර් පරීක්ෂණය සිදු කරන්නේ පසුගිය 16 වැනිදාය. කොවිඩ් සම්බන්ධව සැක සහිතව පී.සී.ආර් පරීක්ෂණයක් කළා නම් ඒ සැකය විසඳෙනතුරු නිරෝධායන ක්‍රමවේදයකට යෑම මන්ත්‍රීවරයාගේ වගකීමකි.  ඔහු ඒ වගකීමෙහි හැසිරුණේ නැත.

ඔහු ගේ පීසීආර් පරීක්ෂණයේ වාර්තාව  එන්නේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය.   ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකයකට ගෙන යන්නේ එම වාර්තාව ලැබී පැය 36ක් පමණ ගිය පසුවය.

යථාර්ථය එයය. අද කවුරු කෙසේ කීවද කොවිඩ් වසංගතය අපේ සෞඛ්‍ය දේහයට දරා ගත නොහැකි  මට්ටමකට  පත්ව තිබේ. මේ වනවට ප්‍රතිකාර මධ්‍යස්ථානයක නිරෝධායන කාලය දින 10ක් දක්වා අඩු කර තිබේ. දින 10න් නිවසට එවන රෝගීන් තවත් දින 04ක් නිවෙස් තුළ නිරෝධායනය විය යුතුය. රජය මෙම පියවර ගන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තදබදය අඩු කරගැනීම සඳහා බව කියැවේ. ඊයේ දිනය වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යවාගත  නොහැකි වූ රෝගීන් 180ක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටියහ. ඔවුන්ගෙන් පිරිසක් දින 09ක්ම නිවෙස්වල හිඳ තිබිණි. නව නිරෝධායන පිළිවෙත තුළ   දින 14ම නිවෙස් තුළ සිටි මුල්ම රෝගීන් පිරිස ඔවුන් විය හැක.

මේ වනවිට ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවන කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයන් සිටින නිවාසෙවල අඩුම තරමින් නිරෝධායනය වන නිවසක් ලෙසට දැන්වීමක් ඇලවීම හෝ කෙරෙන්නේ දින කිහිපයක් ගිය පසුවය. එතෙක් වගකීම් විරහිත මිනිසුන් සිය සුපුරුදු චර්යාව තුළය.

මේ වනවිට දිනයක් තුළ සිදු කරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 14000ත් 15000ත් අතර ප්‍රමාණයකි. පසුගිය සතියට වඩා මෙම සතිය තුළ දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වී    ඇත. පසුගිය දින කිහිපයේ නිල සංඛ්‍යාලේඛණ පෙර සතිය සමඟ සැසඳීමේදී දිනපතා ආසාදිතයන් ගොන්නට එක්වන ප්‍රමාණය 100ත් 150ත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇත. බොහෝවිට එය ආසාදිතයන්  සංඛ්‍යාවේ තුනෙන් එකක වැඩිවීමකි.

රටම මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ කොවිඩ් අභියෝගය අභියසය. එහෙත් රජය ආර්ථිකය හෝ දරුවන්ගේ අනාගත අධ්‍යාපනය ගැන හැසිරෙන්නේ වෙනස් තක්සේරුවකින් බව පෙනේ. පාසල් පෙර පාසල් ටියුෂන් පමණක් නොව දහම් පාසල් පවා විවෘත වන්නේය. පෙර පැවැති ගෙදර සිට වැඩ කිරීමේ රටාව වෙනුවට රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ක්‍රියාත්මක වන්නේද මේ තත්ත්වයන් මතය. ඇසෙන්නේ කොවිඩ් මර්දන වීරයින්ගේ වීර කතාය. එසේ වුවද බොහෝ රටවල් ආර්ථිකය පිළිබඳව ගත් සෑම තීන්දු තීරණයක්ම ගත්තේ වෛරස වසංගතය ප්‍රජාවගෙන් ඈත්  කිරීමට අදාළ සෑහීමකට පත් විය හැකි පියවර ගැනීමෙන් පසුවය.

එහෙත් අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරිය පවා අද සිටින්නේ රෝග ආසාදිතයකු බවට පත්වය.   රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ සිට පෑලියගොඩින් ගමට මාලු රැගෙන දොරින් දොරට යන වෙළෙන්ඳා දක්වා සෑම තරාතිරමකම ජන කොටස්වලට මෙම වසංගතය ව්‍යාප්ත වී හමාරය. වෛරසය සමාජයේ පමණක් නොව තම තමන්ගේ ශරීරයෙන් ඈත් කරගෙන  සිටින්නට නොහැකි තරමට අප මෙම වසංගතය හමුවේ අසාර්ථක වී ඇත.

රෝහල්වල සේවක කළමනාකරණය සම්බන්ධයෙන් මුලදී ඉතා සාර්ථක පිළිවෙළක් අනුගමනය කෙරිණි, එහෙත් දෙවන රැල්ලේ දී රෝහල් පරිපාලන යාන්ත්‍රණයන් විසින් ගන්නා ලද අදූරදර්ශී තීන්දු තීරණ නිසා මේ වනවිට වෛද්‍යවරුන් හෙදියන්, අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන්  උපස්ථායකයන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පොකුරු පිටින් ආසාදිතයන් බවට හෝ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනයවන ත්ත්වයට පත්ව ඇත.

විශේෂයෙන් දැඩි සත්කාර ඒකකවල කටයුතු වැනි විශේෂ පුහුණුවක් අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සංවිධානාත්මක වැඩ මුර ක්‍රමයක් යටතේ සේවයේ යෙදා නොගැනීම නිසා  එකවර නිරෝධායනයට ලක් කිරිමට සිදුවූ රෝහල් පිළිබඳව වාර්තා විය. එවැනි තත්ත්වයක් හමුවේ රෝගීන් හෝ වෛද්‍ය කාර්ය මණ්ඩල ලොකු අසීරුතාවකට පත් නොවුණේ  වසංගතය සම්බන්ධව අදාළ අවදානමට මුහුණ නොදීමේ වාසනාව නිසා මිස අනෙකක් නිසා නොවේ.

ටෙලි නාට්‍යයක ආකාරයෙන් දිග හැරෙන මේ අභව්‍ය කොවිඩ් වසංගත නාටකයේ අප සිත සනසා ගන්නා කරුණු දෙකක් ඇත. එකක් මෙම වසංගතයේ ආසාදිතයන් බවට පත්වූ    පුද්ගලයන් සංඛ්‍යාවට  සාපේක්ෂව  එයින් හටගන්නා සංකූලතා හෝ මරණ වලට මුහුණ දෙන පිරිස අඩු වීමය.

අනෙක  බොහෝ දෙනකනුට සුළු හෝ රෝග ලක්ෂණයක් නොපෙන්වීමය.

එහෙත් මෙම වසංගතයේ පවතින බිහිසුණු මුහුණුවර හුදෙක් මරණය පමණක් නොවේ. මෙයින් ඇතිවන සමාජමය අර්බුදය ඊට වඩා සකීර්ණය.   මවත් පියාත් ආසාදිතයන් බවට පත්ව වයස අවුරු හතේ අටේ දහයේ ළමයි නිවස් තුළ  හුදකලා වූ අවස්ථා තිබිණි. ඔවුන්ට සරණ වන්නට සමීපතම ඥාතියකු නොවුවහොත් ඔවුන්ට සිදුවූයේ  තනිව රැය පහන් කරන්නටය. එයින් එම දරුවන්ගේ මනසට ඇතිවන පීඩාව සේම ඔවුන්ගේ අරක්ෂාවට ඇතිවන අභියෝග මේ කතා බහ තුළ තක්සේරු වන්නේ නැත. ඇතැම් වයස්ගත දෙමාපියන් නිවසේ තනිව සිටියදී ආසාදිත  දූ පුතුන්ට රෝහල් ගත වන්නට සිදුවූයේ. මෙම තත්වයන්ගේ අතුරු ප්‍රතිඵල කඳුලු විකුණන මාධ්‍යවලට සම්පතක් වූවාට සැබෑ ත්ත්තවය බෙහෙවින්ම ශෝක ජනකය.

දැන් අපට පෙනෙන ඇත්ත නම් අපේ කොරෝනා පාලන සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් වි ඇති බවය. එන්නත හෙට නොව අදම දුන්නත් මේ සියලු ප්‍රශ්න එකවර දුරුවන්නේ නැත.

මේ සමස්ථ ඇද වැටීමට චෝදනා දහස් ගණනක් ගොනු කළ හැකි වනු ඇත. වැරදි දහසක් ගණනක් කිවහැකිය. එහෙත් එයටද මෙය මොහොතක් නොවේ.

අප කළ යුත්තේ පවතින වැරදි හදා ගැනීමය. නිවැරදි අවබෝධයකින් දැක්මකින් සහ ප්‍රායෝගික  වැඩපිළිවෙළකින් මෙය මට්ටු කිරීමය. මේ සම්බන්ධයෙන් පළමු වගකීම ඇත්තේ සෞඛ්‍ය අංශවලටය.

එහිදී ඔවුන්ට නැගෙන දරුණු චෝදනාවක් වන්නේ සෞඛ්‍ය පරිපාලනයේ ඉහළ තලය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමය. ඔවුන් තමන්ට සහ රජයට හිතවත් වෘත්තීය සංගම් කිහිපයකින් කියන දේ හැරෙන්නට රටේ අදාළ විශේෂඥයන් විසින් දෙනු ලබන උපදෙස් නිසි ලෙස පිළිනොපැදීමය.

දෙවැනි වගකීම ඇත්තේ  මෙරට සමස්ත මහජනතාව අතේය. ඔවුන්ද තනි තනි පුද්ගලයන් ලෙස ගතහොත් නිසි ලෙස වගකීම ඉටු කරන්නේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සිට වරප්‍රසාද ලත් හො නොලත් පිරිසෙන් සියයට 80ක් දෙනා නිසි පිළිවෙත් අනුගමනය කරද්දී ඉතිරි සියයට 20ක් වගකීම පැහැර හැරියහොත් එය රටම වැනසීමට ප්‍රමාණවත්ය. මෙම දෙපාර්ශ්වයම මෙම බිම් යතාර්ථය තේරුම් නොතහොත් කොරෝනා එලවීම වානා ය.

රෝගීන් සුව වී නිවසට යන තරම හෝ පීසීආර් සඳහා අප මෙතෙක් රටක් ලෙස වියදම් කර ඇති මුදල පිළිබඳව අපට ඇත්තේ ප්‍රවෘත්තිමය වටිනාකමක් මිස එය රටක් ලෙස අපට උදම් විමට ඇති කාරණයක් නොවේ. අපට උදම් විය හැකි ලොකුම කාරණය වන්නේ මෙම රෝගය ව්‍යාප්ත වීම පාලනය වීම තුළය.

වසංගතය අප රටට ඇතුළු වන මොහොතේ මේ අපේක්ෂිත ඇගයීමට රටක් ලෙස අපි සූදානම්  වීමු. එහෙත් කොහේ හෝ වරදක් නිසා අපි මේ මොහොතේ ඇගයීම් ලැබීමට නුසුදුස්සන් වී සිටිමු. දැන් ඇත්තේ අපට මේ වැරදි වහා නිවැරදි කර  ගැනීමය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි

Next Post

ඉන්දීය ධීවර ආක්‍රමණ මේ වසරේ දී නවත්වනවා …. ධීවර ඇමති   පොරොන්දු වෙයි..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.