කොරෝනා නීති කඩකරන්නන් සෙවීමට කිළිනොච්චියට සී.සී.ටී.වී පද්ධතියක්

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස අත් අඩංගුවට ගැනීම සඳහා කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව නගරයට සී.සී.ටීවී කැමරා පද්ධතියක් ලබා දීමට පියවර ගෙන තිබේ.

කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණාචලම් වේලාමලිකිතන්   පැවසුවේ එම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස අත් අඩංගුවට ගැනීමට හැකි වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චියේ තොග වෙළඳපලේ   වෙළෙන්දන්  දිවයිනේ පිහිටි දඹුල්ල වවුනියාව යාපනය හා තඹුත්තේගම යන තොග වෙළඳ මධ්‍යස්ථාන සමග සබදකම් පැවැත්වීමත් ධීවරයින් ඉන්දීය ධීවරයින් හා ජාවාරම්කරුවන් සමග සබඳකම් පැවැත්වීමත් යන හේතූන් නිසා  කිළිනොච්චිය දිස්ත්‍රික්කයට  කොරෝනා වසංගතය පිළිබඳව විශාල තර්ජනයක් පවතින බවද කරච්චි ප්‍රාදේශීය සභාවේ සභපතිවරයා පැවසීය.


Exit mobile version