කොරෝනා අසාදිතයෙකුගේ අශ්‍රීතයකුව සිටියදී නයිට් ක්ලබ් ගිය ෆින්ලන්ත අග්‍රමාත්‍යවරිය

කොරෝනා ආසාදිතයෙකුගේ පළමු ආශ්‍රීතයෙකු වීමෙන් අනතුරුවද රාත්‍රී සමාජ ශාලාවක විනෝද වූ ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය සාන්නා මරින් සමාව ඉල්ලා තීබේ.

ෆින්ලන්ත විදේශ ආමාත්‍යවරයා ඉකුත් ඉරිදා රාත්‍රියේ කොරෝනා ආසාදිත බවට අනාවරණය වීමෙන් අනතුරුවත් අග්‍රමාත්‍යවරිය රාත්‍රී සමාජ ශාලාවක විනෝදවී ඇත.

විදේශ අමාත්‍යවරයා ආසාදිත බව අනාවරණය වුවද පුර්ණ එන්නත්කරණයට ලක්ව ඇති හෙයින් අග්‍රමාත්‍යවරියට හුදෙකලා වීමට අවශ්‍ය නොවන බවට දැණුම් දීම හේතුවෙන් ඇය රාත්‍රී සමාජ ශාලාවට ගොස තිබේ.


කෙසේ වෙතත් අදාල උපදෙස දී සුළු වේලාවකට පසු අග්‍රමාත්‍යවරියද හුදෙකලා වීමට අවශ්‍ය බව කෙටි පණිවුඩයකින් දැණුම් දුන්නද ඇයට එය මඟ හැරීම හේතුවෙන් රාත්‍රී සමාජ ශාලාවට ගොස ඇතැයි වාර්තාවේ.

අසාදිතයෙකුගේ අශ්‍රීතයෙකු ලෙස අනාවරණය වීමෙන් අනතුරුව කොරෝනා පරීක්ෂාවක් සිදු නොකර රාත්‍රී සමාජ ශාලාවකට යෑම සම්බන්ධයෙන් අග්‍රාමත්‍යවරියට විශාල පිරිසක් දෝශාරෝපනය කර ඇති බවද සඳහන්.

මෙම චෝදනා සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරිය ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන් නිසි සෞඛ්‍ය මර්ගෝපදේශ අනුගමනය කර ඇති බවත්ය. කෙසේ වෙතත් පසුව ඇය විසින් ෆේස්බුක් හී සටහනක් තබමින් සිය ක්‍රියා කළාපයට සමාව ඉල්ලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෆින්ලන්ත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අසාදිතයෙකුගේ අශ්‍රීතයකු පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්නම් ඔහුට හෝ ඇයට හුදෙකලා වීමක් අවශ්‍ය නොවේ.

Exit mobile version