බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරියා රැකියා දෙන බව කියමින් ඇමති නාමල්වත් විකුණා මුදල් වංචාකළ හොර ලේකම් අතුරුදන්.

by editor
ජූලි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ලේකම් වරයෙකු ලෙස අන්තර්ජාලය ඔස්සේ පෙනි සිටිමින් මත්තලින් දකුණු කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳව පැමිණිළි 12ක් ඊයේ (21) ලැබී ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.

මෙලෙස ලුණුගවෙහෙර පොලීසියට පැමිණිළි ඉදිරිපත් කර ඇත්තේ මාතලේ,ආණමඩුව,දොඩම්ගස්ලන්ද,කුරුණෑගල හා හීරියගොල්ල ප්‍රදේශවල පදිංචි කරුවන් 12 දෙනෙකි.

සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාල පැමිණිලි කරුවන් සමග සම්බන්ධ වී ඇති අතර ඔහුව පැමිණිලි කරුවන්ට හඳුන්වා දි ඇත්තේද කලක් කුවේට් රටේ සේවය කර දැනට කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසිනි.

මෙම සැකකාර පුද්ගලයා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ලේකම් වරයෙකු බව පවසා කුරුණෑගල පදිංචි කාන්තාව හා එක්ව මෙම ජාවාරම සිදුකර ඇත.

සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 60,000 බැගින් රුපියල් 720,000ක මුදලක් මුලික අත්තිකාරම් ලෙස ගිණුමකට බැරකරවාගෙන ඇති අතර ඉතිරි මුදල ගුවන් තොටුපොලේ දී ලබා දෙන ලෙස පැමිණිලි කරුවන්ට පවසා තිබේ. ඒ අනුව පැමිණිලි කරුවන් 12 දෙනා මීට දින කිහිපයකට පෙර සැකකරුගේ ගිණුමට රුපියල් 60,000 බැගින් මුදල් බැර කර තිබේ.

පසුව සැකකරු විසින් පැමිණිලි කරුවන් 12 දෙනාට දකුණු කොරියා යාම සඳහා 21 දින මත්තල ගුවන් තොටුපොලට පැමිණෙන ලෙසත් තමන්ත තවත් කිහිප දෙනෙකු සමග මත්තල ගුවන් තොටුපොලට පැමිණෙන බවත් අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධවී පවසා තිබේ.

ඒ අනුව පැමිණිලි කරුවන් 12 දෙනා විදෙස්ගත වීම සදහා 21 දින පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොලට පැමිණි නමුත් අදාල පුද්ගලයා ගුවන් තොටුපොලට පැමිණ නැත. පසුව ඔහුගේ දුරකතනයට ඇමතුම් ගත්තත් එයද විසන්ධි වී තිබී ඇත. පැයකට ආසන්න කාලයක් අදාල සැකකාර පුද්ගලයා සම්බන්ධ කරගැනීමට නොහැවීම නිසා තමන් කිසියම් උගුලකට හසුව ඇති බව විදෙස් ගතවිමට පැමිණි අයට වැටහී තිබේ. ඒ අනුව විදෙස් ගතවීමට මත්තලට පැමිණි පුද්ගලයන් 12 දෙනා ලුණුගම්වෙහෙර පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

සැකකාර පුද්ගලයා දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහු පිළිබඳ වෙනත් විස්තරයක් නොදන්නා බවත් පැමිණිලි කරුවන් පොලිසියට දන්වා තිබේ. ඒ අනුව සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක වික්‍රමරත්න ඇතුළු නිළධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදෙස්ගතවන සියලුම ශ්‍රමිකයන්ට ෆයිසර් එන්නත ලබා දීම ලබන සතියේ…

Next Post

කෙරවලපිටිය කසල අංගනය කොම්පෝස්ට් නිශ්පාදන ධාරිතාව තුන් ගුණයකින් වැඩි කරයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.