කොරියාවෙන් ඩොලර් ලක්ෂ 5ක PCR උපකරණ තොගයක්

කොරියානු ජනරජයේ තානාපති එච්. සන්තුෂ් වුන්ජින් ජියොන්ග් මහතා විසින් ශ්‍රී ලාංකාවට PCR පරීක්ෂණ කට්ටල සහ PCR පරීක්ෂණ යන්ත්‍ර ඇතුළත් ඇමරිකානු ඩොලර් 500,000 පරිත්‍යාගයක් කර තිබේ.

‘ශක්තිමත්ව සිටින්න’ වැඩසටහන යටතේ ඊයේ (04) විදේශ අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී මෙම පරිත්‍යාගය කර ඇත.

ශ්‍රී ලංකා රජයේ කොවිඩ් -19 ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන්ට සහයෝගය දැක්වීම සඳහා කොරියානු රජය සහ කොරියානු තානාපති කාර්යාලය අඛණ්ඩව සහය වන බව ද මෙහිදී හෙතෙම පැවැසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උත්සවයට පෙර තානාපති සන්තුෂ් සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කෙටි හමුවක ද නිරත විය.

Exit mobile version