කොටි සොහොන්වල පෝස්ටර් ඇලෙව්වාට ශ්‍රීධරන්ට විරෝධයක්

දිනසේන රතුගමගේ:

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ මැතිවරණ පෝස්ටර් කිළිනොච්චියේ තෝරවිල් ප්‍රදේශයේ ඉදිකොට ඇති එල්.ටී.ටී.ඊ. සුසාන භූමියේ ඇලවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයෙන්ම විරෝධය පල වී තිබේ.

ශ්‍රී ධරන් මහතාගේ දේශපාලන ආධාරකරුවන් විසින් අලවන ලද එම පෝස්ටර් වහාම ඉවත් කරණ ලෙස දෙමළ ජාතික සන්ධාන ජ්‍යෙෂ්ඨයන් දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුට අප්‍රසාදයද පළකොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ.හිටපු සාමාජිකයින්ගේ නිවෙස්වලින්ද ශ්‍රීධරන් මහතාට විරෝධය පල වී ඇති අතර එම පෝස්ටර් ඉවත් නොකළහොත් ඊට එරෙහිව කිළිනොච්චිය නගරයේ විරෝධතාවයක් දියත් කරන බවද ප්‍රකාශ කොට තිබේ.

Exit mobile version