කොටි අම්මා කනෙකුගේ සිරුරක් ඩයගම දී හමුවේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයස අවුරුදු 04 ක් පමණ වූ කොටි ධේනුවක් ඩයගම පොලිස් වසමට අයත් ඩයගම ග්ලාස්ගෝ වතුයායේ තෘණ භූමියක මියගොස් සිටියදී අද (04) සොයා ගෙන තිබේ.

කොත්මලාඔයට ජලය ගලා බසිනා අග්‍රාඔයට යාබදව පිහිටි එම වතුයායේ මියගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත කොටියාගේ සිරුර සොයාගත් බව නුවරඑළිය වනජිවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා පැවසීය.

කොටියා මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත. කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලට යොමුකර ඇත.

Exit mobile version